Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩාව දියුණු කරන්න "සපත්තුවට බදු සහන" විතරක් මදි

කසුන් කැලුම්




මෙවර අයවැයෙන් ක‍්‍රීඩා සපත්තු සඳහා තීරු බදු නොවන ආනයනික බදු ඉවත් කෙරුණ ද ක‍්‍රීඩාවේ උන්නතියට එය ප‍්‍රමාණවත් නොවන බව ප‍්‍රවීණ මළල ක‍්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසේකර පෙන්වා දෙනවා. සපත්තු පැළඳ ධාවනයේ යෙදීම සඳහා ප‍්‍රමිතියෙන් යුතු ධාවන පථ ද අවශ්‍ය වන බවයි ඔහු කියාසිටියේ.

බදු සහන ලබාදුන්නා සේම ආනයනික ක‍්‍රීඩා සපත්තුවල ප‍්‍රමිතිය ගැන ද වඩා සැළකිල්ලක් දැක්විය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. 

තරගකාරී ක‍්‍රීඩා සඳහා ගම්බද තරුණ පරපුර ආකර්ෂණය කරගැනීමට ප‍්‍රධාන බාධකයක් ලෙස ක‍්‍රීඩා සපත්තුවල අධික මිල බලපා ඇති බවයි අයවැය කතාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ප‍්‍රකාශ කළේ. ඒ අනුව තීරු බදු නොවන ආනයනික බදු ක‍්‍රීඩා සපත්තු ආනයනයේදී ඉවත් කිරීමට අයවැයේදී යෝජනා කෙරුණා.