Thursday, April 18, 2024

General line - 0115112241

කොළඹට එක් වූ අලුත්ම සාමාජිකයා විවෘත කරමින් ජනපති 32 වැනි මහලේ සිට කොළඹ බැලූ හැටි (PHOTOS)




කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුථල් කරමින් ගාලූ මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග්‍රිලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) දහවල් විවෘත කෙරුණා.

ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අතිනවීන පහසුකම් සහිතව ඉදිකර තිඛෙන අතර, සේවා නවාතැන් 41 ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුථ කාමර 541 කින් සමන්විතයි.

පීත්ත පටිය කපා හෝටලය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව සමරු ඵලකය ද නිරාවරණය කරනු ලැබුවා.

එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ ජනාධිපතිතුමා 32වන  මහලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට අවට පරිසරය නිරීක්ෂණය කිරීමටද එක් වුණා.

ෂැන්ග්‍රිලා ආසියා සමාගමේ සභාපතිනි Hui Kuok විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, ෂැන්ග්‍රිලා ආසියාහි ප්‍රධාන විධායක නිලධාරි  Lim Beng Chee ෂැන්ග්‍රිලා ශ්‍රී ලංකා හෝටල් සමූහයේ අධ්‍යක්ෂ  Sajjad Mawzoon  යන පිරිස සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.