Friday, April 26, 2024

General line - 0115112241

නිසාන් ලීෆ් Brand New වාහනයක් ගන්න 'ඔබ ගෙවිය යුතු'  මුදල මෙන්න 




නවතම ඉලෙක්ට්‍රික් වාහන (Brand New)  ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී බදු අඩු කිරීමට රජය අයවැය මගින් යෝජනා කළ ද ජනප්‍රිය  ඉලෙක්ට්‍රික් වාහන සඳහා පාරිභෝගිකයාට වැඩි මිළක් ගෙවීමට සිදුවන බව වාහන වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.

නිසාන් ලීෆ් වැනි නවතම වාහන සඳහා වත්මන් අයවැයට පසුව ද රුපියල් විසිහත් ලක්ෂ පනස්දහසක පමණ බදු ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව  නිසාන් ලීෆ් නවතම ඉලෙක්ට්‍රික් වාහන (Brand New)  ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් ලක්ෂ 85කට පමණ බවයි වාහන වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.