Friday, April 26, 2024

General line - 0115112241

පනතක සංශෝධනයක් නිසා පිට රැටියන්ට ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා? ඒකාබද්ධ විපක්ෂය සැක පලකරයි

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි සාප්පු හා කර්යාල පනත සංශෝධනය කළහොත් විදෙස් ශ‍්‍රමිකයින්ට ද මෙරට රැකියා කළ හැකි ඉඩකඩක් විවර වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සැක මතු කරනවා. එය රටේ ශ‍්‍රම බලකායට කිසිසේත්ම යෝග්‍ය නොවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පවසන්නේ. කෙසේ වෙතත් පනත පැරණි බවට සිදු කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මෙරට ශ්‍රමිකයින්ගේ රැකියා අහිමිවීමේ අවධානමක් ඇතිබවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දේනේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. සංශෝධිත පනත මගින් අපේක්ෂිත කරුණු ඉදිරියේදී රටටම දැන ගත හැකි වනු ඇතැයි එහිදී ඔහු පැවසුවා. සාප්පු හා කර්යාල පනත සංශෝධනය තවම යෝජනාවක් පමණක් බවයි ඔහු පැවසුවේ. එය සංශෝධනය කෙරෙන්නනේනම් එය පුළුල් සංවාදයකට භාජනය වන බව ඔහු පෙන්වා දෙනවා.

සේවකයින්ට ස්වකීය අභිමතය අනුව වැඩ කරන පැය ගණන තෝරා ගැනීමට ඉඩ සලසා දීම පිණිස 1954 අංක 15 දරණ සාප්පු හා කර්යාල පනත සංශෝධනය කිරීමටයි අයවැයෙන් යෝජනා කෙරුණේ.