Tuesday, April 23, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ දෙවන බලවත්ම භූ කම්පනය නිසා 1,500කට වඩා වැඩි පිරිසකට සිදුවූ දේ




දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැග්නිටියුඩ් 5.4 ලෙස සටහන් වූ මෙම භූ කම්පනය හේතුවෙන් 1,500 අධික සංඛ්‍යාවකට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමග දකුණු කොරියාවේ ජාතික මට්ටමින් පැවැත්වීමට නියමිතව තිබු උසස් අධ්‍යාපන ඇතුලත් වීමේ විභාගය පළමු වරට කල් දැමීමට බලධාරීහු කටයුතු කර තිබෙනවා.

භූ චලන දුර්ලභ වශයෙන් වාර්තාවන දකුණු කොරියාවේ දැනට වාර්තා වී ඇති දෙවන බලවත්ම භූ කම්පනය මෙය බවටයි අනාවරණය වී ඇත්තේ. 

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමේ දී භූ චලන ඇතිවන බැවින් භූ කම්පන පිළිබඳ දකුණු කොරියාව දැඩි අවධානයෙන් පසුවනවා.