Friday, April 19, 2024

General line - 0115112241

කෝටි 6900කට විකිණුනු ලෝකයේ ගැලවුම්කරුවා




ලෝක ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවිංචිගේ වසර 500කටත් වඩා පැරණි සිතුවමක් අමෙරිකාවේ පැවති වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා. සිතුවම අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 450 ( රුපියල් කෝටි 6900) කටයි.

ඒ, නිව්යෝර්ක් නුවර පැවති වෙන්දේසියකදීයි. මෙම සිතුවමට ලැබුණු මිල කිසියම් වූ කලා කෘතියක් වෙනුවෙන් වෙන්දේසියකදී ලැබුණු ඉහළම මිල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලියනාඩෝ ඩාවිංචි මෙම සිතුවම නම් කර ඇත්තේ ‘‘ සැල්විටෝ මුන්ඩි’’ හෙවත් ලෝකයේ ගැලවුම්කරුවා ලෙසයි.