Friday, April 19, 2024

General line - 0115112241

ව්‍යාපාරික බිරිඳ විසින් සැමියාව පොරවකින් පහරදී ඝාතනය කළ හැටි (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




පොරවකින් පහරදී සැමියා ඝාතනය කොට පොරවද සමග බිරිඳ පොලිසියට භාර වීමේ සිදුවීමක් හබරණ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ නිලුක සංජීව විතානගේ නමැති  46 හැවිරිදි සිව් දරු පියෙක්.

අද (17) දින අලුයම 4.00ට පමණ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බිරිඳ විසින් නිවස තුළම සැමියාට පොරවකින් පහර දී පොරවද  රැගෙන  හබරණ පොලිසියට පැමිණි බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ දරුවන් ඥාතීන්ගේ නිවසක සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මියගිය පුද්ගලයා මීට පෙර විවාහයක් අසාර්ථක වූ දෙවැනි විවාහය සිදු කරගෙන සිටි අයකු බවත් ඔහු යුද හමුදා සේවයේ යෙදී සිට පසුව යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

හබරණ, අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන යන මෙම යුවල නිතර නිතර අඩ දබර ඇතිකර ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ඝාතනයට ලක්වූ තැනැත්තිය කැකිරාව මහේස්ත්‍රාස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ  වැඩිදුර පරීක්ෂණ හබරණ පොලිසිය පවත්වනු ලබනවා.