Friday, April 19, 2024

General line - 0115112241

ආවා කල්ලියේ වත්මන් නායක අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව




බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන යාමට තැත් කළ ආවා කල්ලියේ වත්මන් නායක ලෙස කටයුතු කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මල්ලාක්කම් අධිකරණයට අද (17) උදෑසන ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවෙදී පළා යාමට උත්සාහ දැරූ බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිෂා වික්ටර් නොහොත් සත්‍යවේල් කාදන් නිශාන්තන් නැමැති ආවා කල්ලියේ නායකයායි.

යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අගෝස්තු මාසයේදියි.