Tuesday, April 23, 2024

General line - 0115112241

හම්බන්තොට කලාප තරග පැවැත් වූ ක්‍රීඩා පිටිය තුළ දරුවන්ට පහසුකම් නෑ (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට කලාපයට අයත් ප්‍රථමික  පාසල් අතර කලාප ක්‍රීඩා තරග පැවැත්වූ ස්ථානය තුළ ළමයින් හට පහසුකම් නොමැති වීම නිසා ළමුන් මෙන්ම පැමිණි දෙමාපියන් හා ගුරුවරුන්ද දැඩි අපහසුතාවයකට පත්වූ බව දෙමාපියන් චෝදනා කරනවා.

හම්බන්තොට කලාපයට අයත් කොට්ටාශ 04 කට අයත් පාසල් අතර තුන්වන ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා වූ  ළමුන් 1050කගේ සහභාගීත්වයෙන් අද (17) දවස පුරා මෙම ක්‍රීඩා තරග පැවැත්වුණා.

මෙහිදී ළමුන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම්, ජල පහසුකම්, විවේක ගැනීමට ස්ථානයක්, ප්‍රථමාධාර ලබාදීමේ ක්‍රමයක් පමණක් නොව ක්‍රීඩා තරග පැවැත්වූ අදාළ ක්‍රීඩා පිටියද ළමුන් හට කිසිසේත්ම ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයේ නොවන බවයි දෙමාපියන් පවසන්නේ.

අම්බලන්තොට මහා විද්‍යාලයට ක්‍රීඩා පිට්ටනියක් ලෙස වෙන්කර ඇති අදාළ ක්‍රීඩා තරග පැවැත්වූ ස්ථානය තුළ ක්‍රීඩා කළ ළමුන් එහි ඇති ගල් කැබලි කකුල් වල ඇනීමෙන් දැඩි අසීරුතාවයකට ලක්වූ බවයි දෙමාපියන් චෝදනා කර සිටින්නේ.