Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු යොවුන් ක්‍රිකට් අවසන් මහා තරගයට ඇෆ්ගනිස්ථානය

කසුන් කැලුම්




මැලේසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන යොවුන් ක්‍රීඩකයින් අද (17) සමත් වුණා.

, අවසන් පූර්ව තරගයේදී නේපාලය කඩුලූ 7කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල යොවුන් කණ්ඩායම පන්දුවාර 28ක් අවසානයේ සියල්ල දැවී රැස් කළේ ලකුණු 103ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 20යි පන්දු 3ක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසුකර ගියා.

ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර අනිද්දා පැවැත්වීමට නියමිතයි.