Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කෝප් කමිටුවේ තොරතුරු කියපු හැටි මෙන්න

සමන්ත කුමාර




ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කෝප් කමිටුවේ තොරතුරු කියපු හැටි මෙන්නකෝප් කමිටුව රැස්ව සිටි අවස්ථාවල ඇතැම් මැති ඇමතිවරුන් අර්ජුන් ඇලෝසියස්ට එහි තොරතුරු දුරකථනයෙන් ඇසීමට සළස්වා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කෝප් කමිටුව රැස්වන අවස්ථාවල දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දුරකථන සංවාදවල නිරතව සිටිනු තමන් දුටු බවයි.

නමුත් ඔවුන් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදි සිටි බව තමන් නොදැන සිටී බවයි කියා සිටියේ.

අර්ජුන් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතාබහ කිරිමෙන් අනතුරුව ඇතැම් මැති ඇමතිවරුන් කෝප් කමිටුව හමුවේ උත්තර ලබාදී ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මෙහිදී කියා සිටියා.

මෙම මාධ්‍ය හමුව නම් කර තිබුණේ "බැඳුම්කර සොරුන් වහා අත්අඩංගුවට ගනු" මැයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට අවම ඇමතුම් ප්‍රමාණයක් ලැබි ඇත්තේ ඔහු අර්ජුන් ඇලෝසියස්ට උදව් කළ නොහැකි බවට පැවසු නිසා බවයි.