Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දිය පිල ලකුණු 172 කට සියල්ලන් දැවී යයි (UPDATE)

කසුන් කැලුම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 172 කට අද (17) සීමාවුණා.

කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් කී්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චෙටෙස්වර් පුජාරා ලකුණු 52 ක් රැස් කළා. ව්‍රිද්දිමන් ෂා ලකුණු 29 යි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 කට දැවී ගියා.

පන්දු යැවීමේදි සුරංග ලක්මාල් ලකුණු 26 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වුණා.

ලහිරු ගමගේ, දසුන් ශානක සහ දිල්රුවන් පෙරේරා අතරේ කඩුළු දෙක බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම කී්‍රඩා කරමින් සිටිනවා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රමයි.

----------------------

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි (18-11-2017 11:07)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි.
 
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 6 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියා. 

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 52 ක් ලබා සිටි චෙටෙස්වර් පුජාරායි.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු ගමගේ සමත් වුණා.
 
රවීන්ද්‍ර ජඩේජා සහ වි්‍රද්දිමන් ෂා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා. 

තරගය පැවැත්වෙන්නේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දීයි.

---------------

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වරුසාවෙන් බාධා (17-11-2017 18:53)

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 21කට අද (17) සීමා කෙරුණා. 

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඉන්දිය කණ්ඩායම පළමු ඉණිම සහා කඩුලූ 5ක් දැවී ලකුණු 74ක් ලබා සිටියා.

අද (17) දිනයේ දැවී ගිය කඩුලූ 2ම දවා ගත්තේ දසුන් ශානක විසින්.

චෙටෙෂ්වර් පුජාරා නොදැවී ලකුණු 47ක් ලබා සිටිනවා.

අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ ව්‍රිද්දිමන් ෂා.

දැවී ගිය කිසිඳු  ඉන්දිය පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

තරගය පැවැත්වෙන්නේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේදියි.