Saturday, April 20, 2024

General line - 0115112241

හම්බන්තොට දී පොලිස් ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියාගේ පෙත්සම විභාගයට




හම්බන්තොට ඉකුත්දා පැවති උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටියදී පොලිස් නිලධාරියෙකුගේ පහර කෑමට ලක් වූ මාධ්‍යවේදියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ අනුව පෙත්සම ලබන වසරේ  අප්‍රේල් මස 26 වනදා විභාගයට ගැනීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ. මාතර සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත, හම්බන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි ඒ එස් ටී අබේසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර හා නීතිපතිවරයා පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

මත්තල, ගුවන් තොටුපළ විදේශිය සමාගමකට බදු දිමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණයකදී මෙම මාධ්‍යවේදියා මෙලෙස පහර කෑමට ලක් වුණා.