Wednesday, April 24, 2024

General line - 0115112241

යෝජනා ඉදිරිපත් කරන්න තරම් බලයක් නෑ

පසන් ද සිල්වා




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අදහස් පළ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ එම සාකච්ඡාව සහා කිසිඳු යෝජනාවක් තමන් විසින් ඉදිරිපත් නොකළ බවයි.

යෝජනා ඉදිරිපත් කිරිම සඳහා තමන්ට බලයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

මීට පෙර තමා සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ දී තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ බව කියා සිටියා.