Wednesday, April 24, 2024

General line - 0115112241

මංචි වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් තරග අද මහරගමදී

කසුන් කැලුම්




මංචි කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ අවසන් මහතරගය මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී අද (18) පැවැත්වෙනවා. ප්‍රබල කණ්ඩායම් ගැටුණු සුපිරි ලීග කාණ්ඩයේ අවසන් මහ තරග දෙකටම යුද හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනිම විශේෂත්වයක්. 

ඒ අතර ගියවර පිරිමි ශූරතාව දිනා ගත් වරාය අධිකාරි කණ්ඩායමට මෙවර සිව්වැනි ස්ථානය දක්වා පහළට වැටීමද විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ සිලෝන් මංචි බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය කරනවා.

මංචි කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග කාලසටහන
පෙරවරු 8ට- ආධුනික කාන්තාථ-බෝයගම සිරිපැරකුම් කණඩායම හා මහඋස්වැව රත්නපාල කණ්ඩායම  
පස්වරු 10ට - ආධුනික -පිරිමි-කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම හා ගාල්ල එස්.එල්.ඒ. ඔී.සී කණ්ඩායම 
පස්වරු 1ට - සුපිරි ලිග් කාන්තා-යුද හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම 
පස්වරු 3ට - යුද හමුදා කණ්ඩායම හා විදුලිබල කණ්ඩායම