Wednesday, April 17, 2024

General line - 0115112241

උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරිමට කැමති නෑ (VIDEO)

හේරත් ඒකනායක - මහනුවර




පළාත් පාලන මැතිවරණය කඩිනම් කරන ලෙස තමන් ද ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.


එහි නායක අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ මැතිවරණයෙන් පසුව ද සංශෝධන ඉදිරිපත් කළ හැකි බවයි.

එමෙන්ම උතුර - නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව සඳහා තම පක්ෂය යෝජනා ඉදිරිපත් කර නොමැති බවයි ඔහු කියා සිටියේ. 

එහිදී ඔහු  සඳහන් කළේ උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමට තම පක්ෂයේ කැමැත්තක් නොමැති බවයි.

මහනුවර ඊයේ (17) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් තමන් තනිව තරග කරන බවත්  අමාත්‍ය රාවුෆ් හකිම් මෙහිදී කියා සිටියා.