Saturday, April 20, 2024

General line - 0115112241

ගාල්ලේ සිදුවීම ගැන ෆේස්බුක් හරහා යන 'වීඩියෝ සහ පුවත් පිළිබඳ' රතු නිවේදනයක්




ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සඳහන් කර තිබෙනවා.

එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ  නිවේදනයේ සඳහන් වනවා.

ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් සිටින බවත්  මේ කටයුතු වහාම නවත්වන ලෙස තමන්  ඔවුන්ට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කල බව එහි දැක්වෙනවා.

එම නිවේදනය පහතින් සම්පුර්ණයෙන්ම කියවිය හැකියි.