Tuesday, April 23, 2024

General line - 0115112241

තොණ්ඩමන් සහ පොලිසිය අතර මහ පාරේ හබයක්

රංජිත් රාජපක්ෂ - හැටන්




ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රාදේශිය නායිකාවක්ව හැටන් පොලිසියේ නිලධාරින් අද (18) උදෑසන  අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදී ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු  මන්ති‍්‍ර ආරුමුගම් තොන්ඩමන් සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන්ගෙන් එයට විරෝධය මතුවි තිබෙනවා.

එස්.යෝගේෂ්වරි නම්වන ඇය හැටන් ෂැනන් වතුයායේ වැඩ කරමින් සිටියදී හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙන්නේ. එහදී ඇය විසින් ම්න්ත්‍රීවරයාට ඒ බැව් දැනුම් දිමෙන් පසු  ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර කන්පති කනගරාජ් එම ස්ථානයට යවා තොන්ඩමන් ඇතුළු පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ රැඳී සිටිමින් එයට විරෝධය පා තිබෙනවා.

ඇය අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ ඉකුත් (16) දා හැටන් ෂැනන් වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙලක හටගත් ගින්නකින් නිවාස තුනක් ගිණි ගෙන සමිපුර්ණ විනාශ විමෙන් එහි අවතැන්වු පවුල් තුනකට අයත් සාමාජිකයන්ගේ සුවදුක් බැලිමට ගිය අමාත්‍ය පලනි දිගමිබරම් නායකත්වය දරන ජාතික වතුකම්කරු සංගමයේ උප සභාපතිවරයෙකු හා මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර  පි.ඒ. ශ්‍රීදරන් ඒම වතුයායට ගිය අවස්ථාවේ අදාල තැනැත්තිය විසින් ශ්‍රීදරන් මන්ති‍්‍රවරයාට බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් ශ්‍රීදරන් විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණීල්ලක් මතයි.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් හා හැටන් පොලිසියේ උසස්  නිලධාරින් අතර හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ පැවති සාකච්ඡාවකදී පොලිසිය පවසා සිටියේ එම ප‍්‍රාදේශිය නායිකාව සම්බන්ධයෙන් ලද පැමිණීල්ලක් විභාග කිරිම සදහා පොලිසිය වෙත දැනුම් දිමට පොලිස් නිලධාරින් එම වතුයායට ගිය බවයි. අත්අඩංගුවට ගැනිමක් සිදුකිරිමට තම පොලිස් නිලධාරින් එම වතුයායට නොගිය බවද මන්ත්‍රීවරයාට පොලිස් නිලධාරින් කියා සිටියා.