Thursday, April 25, 2024

General line - 0115112241

රොබට් මුගාබේ බලය අත්හැරීමට සූදානම් නැහැ

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තවත් සති කිහිපයක් තමා බලයේ සිටින බව සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ අවධාරණය කරනවා.

ඒ, එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පාලක සානු පී එෆ් පක්ෂයේ මහ සම්මේලනයට ද තමන් සහභාගී වන බවයි රොබට් මුගාබේ අවධාරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ (19) රැස් වූ පාලක සානු පී එෆ් පක්ෂය ඔහුව පක්ෂ නායකත්වයෙන් ඉවත් කළා.

එමෙන්ම පැය 24ක් තුළ රොබට් මුගාබේ ජනාධිපති ධුරයෙන් ඉවත් නොවුණහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවයි අවධාරණය කළේ.

මුගාබේට ජනාධිපති ධුරයෙන් ඉවත්වන ලෙසට බල කරමින් පාර්ශ්ව රැසකින් දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති පසුබිමකයි ජාතිය අමතමින් තමන් ධුරය අත්නොහරින බව ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ.

මුගාබේ නිවාස අඩස්සියට පත්කරමින් සිම්බාබ්වේ පාලන බලය මේ වනවිට එරට හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙනවා.