Friday, April 26, 2024

General line - 0115112241

මැලේෂියාවට යන්න හැදු 2ක් පොලිස් දැලේ

ටෝනි කරුණනායක - ගම්පහ




ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන මැලේෂියාවට යාමට උත්සාහ කළ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු රටින් වහාම පිටුවහල් කරන ලෙස ආගම විගම දෙපාර්තමේන්තු නිලධාරින්ට අද (20) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා නියොග කර තිබෙනවා.

මෙම පාකිස්ථාන ජාතිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොලින් මැලේෂියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ දී ගුවන් තොටුපොල බලධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාරදෙනු ලැබුවා.

පොලිසිය සිදුකළ පරික්ෂණවලින් අනතුරුව ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය එක් අයෙකුට ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් ද නියම කරනු ලැබුවා.