Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන හිඟය ගැන කරන ප්‍රචාර සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලයි

ඩිල්ෂාන් මඩවල




ඉන්ධන හිගයක් ඇතැයි කෙරෙන ප්‍රචාර සංවිධානාත්මකව සිදුකරන්නක් බවට සැකකරන බව ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඒ බැවින් පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළ බවයි අමාත්‍ය කියා සිටියේ.

මේ අතර ඛනිජ තෙල් අමාත්‍යංශය අද(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  පැමිණිල්ලක් කළා. ඒ, රට තුළ ඉන්ධන හි`ගයක් ඇතැයි කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අසත්‍ය තොරතුරු පතුරවා ඇතැයි පවසමින්.

මෙලෙස අසත්‍ය තොරතුරු පතුරවා හරින්නන් පිළිබ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, රට තුළ කිසිඳු ඉන්ධන හියක් නොමැති බවයි ඛනිජ තෙල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ.