Friday, April 19, 2024

General line - 0115112241

“අනාගතයේ දී  ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාගත හැක්කේ පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් පමණයි. ” -  අධ්‍යාපන ඇමති කියයි (PHOTOS)




කාන්තාවන් අඩු වැටුපකට මැදපෙරදිග සේවයට යැවීම නොව, පිළිගත් වෘත්තිකයින් ලොවට සැපයීමෙන් මෙරටට විදේශ විනිමය ලබාගැනීම රජයේ අනාගත බලාපොරොත්තුව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා මහනුවර විහාරමහාදේවි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

අනාගතයේ දී හොඳ වෘත්තිකයින් බිහිකොට, ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කොට ඔවුන් තුළින් රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රටේ අධ්‍යාපන පද්ධතිය ඒ සඳහා සූදානම් කරවිය යුතු බවත්, රටේ පාසල් පද්ධතිය වෙත මෙහි විශාල වගකීමක් පැවරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

වසරේ කැපී පෙනෙන විෂය නිපුණතා දැක් වූ සිසුන් වෙත තිළිණ, සහතික මෙන්ම සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ ද අධ්‍යාපන අමාත්‍යවරයා අතින්.