Friday, April 26, 2024

General line - 0115112241

චීන - කොස් ලංකා ව්‍යාපෘතිය පලමු අදියරය අවසන්




ශ්‍රී ලාංකිය හදවත් වල සුහදත්වය , ශ්‍රී ලාංකීය අපේ අත් ගුණය චීනයේ සුපිරි හෝටල් වෙත ගෙනගිය කොස් ලංකා කටට රසට උයන්න , රස නහර පිනා යන විවිධ කෑම වර්ග නිර්මාණය කිරීම ඇරඹුණේ ගමේ කුස්සියෙන්.ඒ රස අපේ කුළුබඩු සුවදත් එක්ක ම අපි ලෝකයට අරන් ගියා. ආගන්තුක සත්කාරයට ලාංකිකයන්ට අතීතයේ සිටම තියෙන්නේ ඉහලම තැනක්

එදා ලෝකයම අගයපු ඒ ආගන්තුක සත්කාර සේවය , ඒ සූපවේදී රහස් , කුසලතා මුලූ ලෝකයටම රැගෙන ගිය කොස් ලංකා දැන් චීනයට හෝටල් ක්ෂෙත්‍රයේ නුපුහුණු / පුහුණු සිසුන් 500 ක් සුපිරි වර්ගයේ තරු හෝටල් වල ආදායම් සහ පහසුකම් සහිත රැකියා පුහුණුව ක් සදහා පිටත් කර යැවීමේ දැවන්ත ව්‍යාපෘතියක් මේ වනවිටත් අරඹා ඇති බව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වල මේ දින වල ප්‍රසිද්ධ කතාවක් බවට පත් වී හමාරයි. පසුගිය 10 වෙනිදා එහි පළමු අදියරය නිමවට පත් වුනා.

ව්‍යාපෘතියට අදාල සිසුන් 500න් පලමු සිසුන් 25 දෙනා ගිවිසුම් අත්සන් තබමින් සිය ගුවන් බලපත්‍ර , වීසා,ගුවන් ටිකට් පත් භාර ගැනීම මහත් උත්සවශ්‍රීයෙන් කොළඹ කින්ග්ස්බරී හෝටලයේ දී සිදු වුනා. එහිදී සියලූම මාධ්‍ය ආයතන කොස් හා එක් වෙමින් මෙම සුභ මොහොත රටටම අනාවරණය කෙරිණි .

එම අවස්ථාවය සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද එක් වෙමින් සිය දරුවන් අනාගතයේ ලැබීමට බලාපොරොත්තු වන රැකිය පුහුණු වැඩසටහන සම්බන්දයෙන් ඔවුන් පුහුණුව ලැබීමට නියමිත හෝටල් සම්බන්දයෙන් තවදුරටත් දැනුවත් වුනා. වසරක් හො වසර දෙකකදී ලබා ගන්නා මෙම පුහුණුව අතරතුර මැන්ඩරීන් හෙවත් චීන භාෂාව හැදෑරීමට ලැබීම එම දරුවා ලබන තවත් එක් අනර්ඝ ප්‍රතිලාභයකී.

ආර්ථිකය වශයෙන් ලොව බලවත් රාජ්‍ය ක් වන චීන රාජ්‍ය තුල මෙම ලබන භාෂාමය දැනුම සහ වෘත්තීමය පුහුණුව දරුවාට අනාගතයේ විවර කරන දොරටු දසදහසකී.ඕනෑම සුපිරි රටක සුපිරි හෝටලය සේවය කිරීමට, සේවා අවස්ථාවන්ද ලබා ගැනීමට ශ්‍රී ලාංකීය දරුවන් සුදුස්සන් කරවීම ත් ලංකාව පුරා ඉදිවන නව සුපිරි හෝටල් වලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ ඒකායන අරමුණයි.

මෙම පුහුණු කාලයේදී දරුවාට අවශ්‍ය ආහාර පාන සහ නවාතැන් පහසුකම් ද නොමිලේ ලැබෙන අතර ආදායමක් ඉපයා ගැනීමට මෙ මගින් හැකියාව ලැබීම මේ වනවිට ශ්‍රී ලාංකීය සිසුන් බොහෝ දෙනා මෙම ව්‍යාපෘතියට ආකර්ශනය වීමට හේතු ලෙස දැක්විය හැකි ය.මෙම පුහුණුව සදහා වියදම් වන මුදල වසරක් තුල දි නැවත සොයා ගැනීමට ද හැකිවන අතර පුහුණුවෙන් ලබන දැනුම සහ අත්දැකීම් පරාසය නිසා හුදෙක් ම ඔබ වියදම් කරන මුදල වියදමක් නොව ඔබේම අනර්ඝ අනාගතයක් උදෙසා ඔබ විසින් කරන විධිමත් ආයෝජනය කි.

ගුවන් ටිකට් පත , වෛද්‍ය පරික්ෂණ , ගුවන් තොටු පල සිට ප්‍රවාහනය , රක්ෂණ ය, නොමිලේ ලැබෙන වාසි අතර වේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය අදියර 20 කින් යුක්ත වන අතර මේ වන විට අදියර 13 ක් සදහා සිසුන් සූදානමින් සිටිති. තවත් අදියර 7 සදහා පමණක් සිසුන් අවශ්‍යව තිබේ. වයස අවුරුදු 16 ත් 30 ත් අතර ගැහැණු පිරිමි භේදයකින් තොරව අවම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුහුණු ,නුපුහුණු ශ්‍රී ලාංකිකයන්ට මේ සදහා අයදුම් කල හැකියි.ත්‍රයිමාසික චීන භාෂා පාඨමාලාවක් ද කොස් ලංකා ආයතනය මේ සදහා අයදුම් කරන දරුවන් වෙත ලබා දෙයි .

මේ සදහා අයදුම් කරන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් කොස් ලංකා ආයතනය වගකීමෙන් බැදෙන අතර චීන රාජ්‍ය වෙත පැමිණෙන ශ්‍රී ලාංකීය දරුවන් පිලිගැනීමට මේ වනවිටත් කොස් ලංකා හී කලමනාකාර අධ්‍යක්ෂකතුමන් හා එම මැතනිය මේ වනවිටත් දිවයිනෙන් පිටත්ව ගොස් ය.

මේ සදහා අයදුම් කිරීමට වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න 0770678678