Friday, March 29, 2024

General line - 0115112241

UNPය අවසර පතයි




පළාත් පාලන මැතිවරණයකට අදාළව ජන්ද කොට්ඨාස සීමා නීර්ණය කිරීම හා සභිකයින් සංඛ්‍යාව ඇතුළත්ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා එක්සත් ජාතික පක්ෂය  අද (20) මැදිහත් වීමට අවසර ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයේදී ගොනු කරුණු ලැබුවා .

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් කබීර් හසීම් විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙනවා.

මෙම රිට් පෙත්සම ප්‍රාදේශීය සභා හයක ඡන්ද දායකයන් හය දෙනෙකු විසින් ගොනු කර තිබුණා.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර විභාගයට ගන්නේද යන්න පිළිබඳ නියෝගය නොවැම්බර් මස 22 ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.