Wednesday, April 24, 2024

General line - 0115112241

තායි සිර කඳවුරකින් සිරකරුවන් පිරිසක් බිත්ති හාරා පලා ගිය හැටි (PHOTOS) 




තායි රැඳවුම් කඳවුරකින් පලා ගිය චීනයේ උයිගර් ජාතික සිරකරුවන් 20 දෙනෙකු පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උයිගර් ජාතිකයන් 200 ට වැඩි පිරිසක් 2014 දී තායිලන්තයේ දී රඳවාගනු ලැබුන අතර, පලා ගොස් තිබෙන්නේ ඒ අතර සිටි පිරිසක්.

රැඳවියන් 25 කට ආසන්න පිරිසක් මැලේසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි රැඳවුම් කඳවුරේ බිත්තිවල හිල් හාරා පසුව කටු කම්බි වැටෙන් පැනීම පිණිස ඇඳ රෙදි යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

එයින් පස් දෙනෙකු අල්ලා ගැනීමට කඳවුරු බලධාරීන්ට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පලා ගොස් තිබෙන්නේ දකුණු තායිලන්තයේ සොන්ග්ක්ලා (Songkhla) පළාතේ කඳවුරකින් බව පවසන සංක්‍රමණික බලධාරීන්, සිය සිර කුටිවල බිත්ති සිදුරු කිරීම පිණිස ඔවුන් බිඳුණු උළු කැබලි යොදාගෙන ඇති බව ද සඳහන් කළා.