Friday, April 19, 2024

General line - 0115112241

ආවා කල්ලියේ පුද්ගලයෙක් අත්අඩංගුවට (UPDATE)

දිනසේන රතුගමගේ




ආවා කල්ලියේ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඉක්‍රාම් නමැත්තෙක්.

රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් විශේෂ අවසරයක් ද ලබාගෙන තිබෙනවා.

-------------------

'ආවා ගෘප්' කල්ලියේ 56 ක් අල්ලයි (21-11-2017 12:20)

යාපනය, අච්චුවේලි ප‍්‍රදේශයේදී ආවා කල්ලි ප‍්‍රබල සාමාජිකයෙකු ඊයේ (20) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට අත්අඩංගුවේ පසුවන එම කල්ලියෙහිම සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් ඊයේ රාති‍්‍රයේ තී‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැණුනා.

යාපනයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.