Friday, March 29, 2024

General line - 0115112241

ආහාර මිල ඉහළ යෑමෙන් උද්ධමනය වැඩි වෙයි




මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය පැවැතියේ සියයට 8.6ක් ලෙසයි.

ජුනි හා ජුලි මාසවල 6.3ක් ලෙස ද අගෝස්තු මාසයේ 7.9ක් ලෙසයි උද්ධමනය පැවැතියේ.

ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස්වීම මගින් මනිනු ලබන උද්ධමනය අඛණ්ඩව වැඩිවූ තුන්වන මාසය ඉකුත් ඔක්තෝබර් මාසයයි. 
ආහාරවල මිල ඉහළ යාම ඊට ප‍්‍රධාන වශයෙන් බලපෑ හේතුව බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසනවා. පොල්, එළවළු හා සහල් මිල ඉහළ යාම මෙන්ම ගෑස් සඳහා හඳුන්වාදුන් සංශෝධනවල බලපෑම ද උද්ධමනය වැඩිවීමට හේතුවී තිබුණා. ආපනශාලා සහ හෝටල්වල මිල ගණන් ද ඉකුත් මාසයේදී ඉහළ ගිය බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් කියාසිටියේ.