Thursday, March 28, 2024

General line - 0115112241

ලොව හොඳම ටෙස්ට් තුන්ඉරියව් ක‍්‍රීඩකයින් දසදෙනා අතරට දිල්රුවනුත් එක්වෙයි

කසුන් කැලුම්




ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක‍්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දසවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාවේ දිල්රුවන් පෙරේරා සමත් වී තිබෙනවා.

ඔහු ලොව හොඳම තුන්ඉරියව් ක‍්‍රීඩකයින් දසදෙනා අතරට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි.

මේ වසරේ පමණක් දිල්රුවන් පෙරේරා සහභාගි වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 9ක්.

එහිදී ඔහු අර්ධ ශතක 4ක් ද සමග ලකුණු 457ක් රැස් කරගෙන සිටිනවා. ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 29ක්. ශ්‍රේණිගත කිරීමේ 8වන ස්ථානයේ රංගන හේරත් පසුවනවා.

ඊයේ (21) නිකුත් කෙරුණු නවතම තුන්ඉරියව් ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්ට හැකිවුණා.