Friday, March 29, 2024

General line - 0115112241

හතුරුසිංහ ලංකාවට..මහ රෑ  ක්‍රිකට් ආයතනයට ගිහින් 

සඳුන් සූරියවැව




බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරමින් සිටි චන්දික හතුරුසිංහ ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔහු ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට ගොස් විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ද මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

පැය 3කට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේවන විට විශේෂ උත්සාහයක නිරත වනවා.