Friday, March 29, 2024

General line - 0115112241

දෙමව්පියන් සොයා විදෙස් රටවල සිට පැමිණෙන දරුවන්ට පණිවුඩයක්

ඉෂාර සුපෙම් මානගේ




දෙමාපියන් සොයා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකික දරුවන් 4000 ක් පමණ මේ වන විට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල වෙසෙන බවත්, ඔවුන්ට දෙමාපියන් සොයාගැනීමට සහයෝගය ලබාදෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස් රූපවාහිනී නාලිකාවට පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපතිනී Joanne Dornewaard සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර හමුවක් ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මීට මාස 02 කට පමණ පෙර නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවකට ලබාදුන් ඉහත ප්‍රකාශය පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ශ්‍රී ලාංකික දරුවන්ට දෙමාපියන් සොයාගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග සම්බන්ධව DNA පරික්ෂණයක් සිදු කිරීමට අවස්ථාව සළසා දෙන බවයි.

ඒ සදහා පළමුව දරුවන් පිළිබද දත්ත ගබඩාවක් සකස් කර ප්‍රචාරණ වැඩපිළිවෙළකින් අනතුරුව DNA පරික්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු විදේශීයව වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් දත්ත ගබඩාවක් ද සකස් කර තිබෙනවා.

එම දත්ත ගබඩාව සකස් කළ දරුවන් දෙදෙනෙකු ද නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඊයේ  දහවල් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වුණා.