Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ගුවන් යානයක් ජපාන වෙරළට කඩා වැටේ




අමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානයක් ජපාන මුහුදු වෙරළට කඩාවැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් හා මගීන් 11 දෙනකු සිටි බවටයි වාර්තා වන්නේ. අනතුරින් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

ජපානයේ ගිනිකොණදිග ඔකිනෝවා ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. එහි ගමන් ගත් කිසිවකුගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකරගැනීමට නොහැකි වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.