Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හතුරුසිංහ සමග නිල සාකච්ඡා අරඹයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා චන්දික හතුරුසිංහ සමග සාකච්ඡා ආරම්භ කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද ප‍්‍රකාශ කළා.  නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසුවේ චන්දික හතුරුසිංහ ඒ සඳහා බඳවා ගැනීමට ඇති හැකියාව පිලිබඳ සොයා බැලීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා  ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ද ලිපියකින් දන්වා තිබෙනවා.  

බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම්ගතව සිටින චන්දික හතුරුසිිංහ ඉන් සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා නීතිඥයින් සමග සාකච්ඡා කරමින් සිටින බවයි තිලංග සුමතිපාල එම ලිපියෙන් දක්වා ඇත්තේ. 

චන්දික හතුරුසිංහ  පුහුණුකරු ධුරය සඳහා සුදුසුම පුද්ගලයා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව පවසා තිබෙනවා. ඒ අනුව, ඔහු නුදුරේදීම විනිවිද භාවයකින් යුතුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවයි  තිලංග සුමතිපාල සිය ලිපියෙන් දන්වා ඇත්තේ.