Thursday, April 25, 2024

General line - 0115112241

LTTE මහවිරු සුසාන භූමිය හදන්න රාජ්‍ය ඇමතිනිය සහ මන්ත්‍රීවරයෙක් සල්ලි දෙයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




කිලිනොච්චිය, කනගපුරම් ප‍්‍රදේශයේ පිහිටි LTTE මහවිරු සුසාන භූමිය ප‍්‍රතිසංස්කරණයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනකු රුපියල් ලක්ෂ 40ක් ලබාදී තිබෙනවා.

ඒ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ කිලිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් විසින්.

රාජ්‍ය අමාත්‍යවරිය විසින් මහවිරු සුසාන භූමියේ ප‍්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදී තිබෙනවා.

ශිවඥානම් ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා ඒ සඳහා ලබාදී ඇති මුදල රුපියල් ලක්ෂ 25ක්.

මහවිරු සුසාන භූමියේ තාප්පය ඉදිකිරීමට හා ඒ වෙත පිවිසෙන මාර්ගය ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් මෙම මුදල් යොදවා තිබෙනවා.

ලබන 27 වැනිදා මෙම මාර්ගය විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. යුද්ධයෙන් මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් ස්මාරකයට ගරු කළ යුතු බව ද මහවිරු සුසාන භූමියේ ප‍්‍රතිස්සංස්කරණ කටයුතු නිරීක්ෂණය කළ ශිවඥානම් ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙම ස්මාරකය ඉදිකරන්නේ සුසානා භූමියේ ඩෝසර් කර ඇති LTTE සාමාජිකයන්ගේ සිහිවටන එකතු කරමින් බවයි අප වාර්තාකරු මීට පෙර වාර්තා කර සිටියේ.

(මේ සම්බන්ධ අනෙක් පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න..)