Wednesday, April 17, 2024

General line - 0115112241

මනස අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට පර්යේෂකයින් සමත් වෙයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි - අන්තර්ජාලය ඇසුරෙන්




ලොව ප‍්‍රථම වරට මනස ඍජුවම අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි පිහිටි විට්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනුයි මෙය සොයාගෙන ඇත්තේ.

මනසේ සිතුවිලි ක‍්‍රියාත්මක වන සැණින් අන්තර්ජාලය හා සම්බන්ධ වීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.

මීට පෙර ද මනසේ සිතුවිලි හා අන්තර්ජාලය සම්බන්ධ කිරීමට පර්යේෂණ කණ්ඩායම් උත්සහ කළද එය සාර්ථක වූයේ නැහැ.

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ‘බ්‍රේන්ටර්නෙට්’ නමින්.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් සිතුවිලි හරහා පරිගණකය කි‍්‍රයාකරවීමේ ව්‍යාපෘතිය ද අවසාන අදියරට පැමිණ ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ජෛව වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍රය තුළ මෙම ව්‍යාපෘතිය අතිශය වැදගත් එකක් බව ද විශ්ලේශකයන්ගේ අදහසයි.