Thursday, March 28, 2024

General line - 0115112241

තේරීම් කමිටුව සාකච්ඡා අරඹයි - ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනසක් අත ළඟ

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.

මේ වන විට එ් පිළිබඳව තේරීම් කමිටුව සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

වත්මන් එක්දින කණ්ඩයමේ නායක උපුල් තරංග පිතිකරණයෙන් දක්ෂතා දැක් වූවද නායකයෙකු ලෙස සාර්ථක නොමැති බවයි තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ.

එ් අනුව ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී නව නායකයෙකු යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග වදිනු ඇති.

එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් යෝජනා කෙරුණ ද ඔහු වර්තමානයේ දක්වන දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි තේරීම් කමිටුව පවසා ඇත්තේ.

ඒ චන්දිමාල් එක්දින කණ්ඩායමේ ක‍්‍රීඩකයන් 11 දෙනා අතරට ඒම ද අභියෝගයක් වී ඇති බැවින්.

ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ නම් ද ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා යෝජනා වී ඇති බවයි නෙත් ස්පෝස්ට්මන් වෙත වාර්තා වන්නේ.