Friday, March 29, 2024

General line - 0115112241

ජපන් මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ සිටි පිරිස බේරාගැනේ

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවට අයත් ගුවන් යානයක් ජපානයට ආසන්න මුහුදේදී අනතුරට පත්වීමෙන් පසුව එහි ගමන්ගත් සෙබළුන් 11 දෙනා මේ වනවිට බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බවයි ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ.

මෙම අනතුරට මුහුණදුන් ගුවන් යානය කවර වර්ගයේ ගුවන් යානයක්ද යන්න ඇමෙරිකානු නාවික හමුදාව පවසා නොමැති අතර ජපාන ආරක්ෂක අංශ සිදුකරන ආනාවරණයන්ට අනුව එය සී-2 වර්ගයේ යානයක් බවට හඳුනාගෙන තිබෙනවා. 

පිලිපීන මුහුදේ වූ අමෙරිකානු ගුවන් යානා හාරක නෞකාවක් වෙත ගමන් කරමින් තිබියදී මෙම ගුවන් යානය අනතුරට පත්ව ඇත්තේ.

ගුවන් යානය අනතුරට පත්වීමත් සමග අමෙරිකානු හා ජපාන මුදාගැනීමේ කණ්ඩායම් ක්ෂණිකව ඒ වෙත ගමන් කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.