Friday, April 26, 2024

General line - 0115112241

පස් මහල් ගොඩනැගිල්ලෙන් පෙදරේරුවෙක් ඇද වැටෙයි - අධි බලැති විදුලි රැහැනකත් ගැටෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




පස් මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදු කරමින් සිටි පෙදරේරුවෙක් අද (23) උදෑසන සිදු වූ අනතුරකින් පහළට ඇදවැටී තිබෙනවා.

හැටන් එම්.ආර් නගරයේ ඉදිකරමින් පවතින මෙම පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇද වැටුණු පෙදරේරුවා එහිදී බරපතල ලෙස තුවාල ලැබුවා. ඔහුව දික්ඔය මුලික රොහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා.  

ඔහු එලෙස ඇඳ වැටෙන අවස්ථාවේදී ඒ අසළ තිබූ අධි බලැති විදුලි රැහැනකද ගැටී තිබෙනවා.

පසුව ඔහු නිවසක වහලයද කඩාගෙන බිමට ඇද වැටී ඇති බවයි ඇසින් දුටුවන් සඳහන් කර ඇත්තේ.

එම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ නාවලපිටිය කැටපුලාව ප‍්‍රදේශයේ පදිංචි එස්. පි‍්‍රයන්ත නැමැති  38 හැවිරිදි දෙදරු පියෙක්. 

මෙම ගොඩනැගිල්ල අනවසරයෙන් ඉදිකරන ගොඩනැගිල්ලක් බවයි ප‍්‍රදේශවාසින් වැඩි දුරටත් සඳහන් කළේ.