Thursday, April 25, 2024

General line - 0115112241

රොහින්ග්‍යා සරණාගතයින් ගිවිසුමක්




රොහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් බංග්ලාදේශය සහ මියන්මාරය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ගිය රොහින්ග්‍යා සරණාගතයින්ට යළි මව් රටට යාමට අවස්ථාව උදාවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් ආරක්ෂාව සහතික නොකර රොහින්ග්‍යා සරණාගතයින් යළි මව් රටට යාමට පොළඹවාලීම අවදානම් සහිත විය හැකි බව ආධාර ආයතන පවසනවා. තහවුරු කළ වාර්තාවලට අනුව මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ගොස් ඇති රොහින්ග්‍යා සරණාගතයින් ගණන ලක්ෂ 06කට වැඩියි.