Friday, March 29, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ඉක්මනින් තියන්නට කළ යුතු දේ මෙන්න




පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් නොයවා පැවැත්වීම සඳහා ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා. ඊට හේතු දක්වන එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ සීමා නිර්ණය සඳහා දායක වුණ සියලු දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට අභියාචනාධිකරණයට ඉදිරිපත්කර ඇති පෙත්සම සම්බන්ධයෙන්ද සලකා බලා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගත යුතු බවය. 


මේ අතර පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යාම පිළිබ`ද පාර්ලිමේන්තුවේදී ද ඊයේ සංවාද ඇති වුණා. කථානායක කරූ ජයසූරිය මහතා එහිදී කියාසිටියේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැුස්වීමක දී මේ පිළිබ`ද සාකච්ඡුා කරන බවයි.