Saturday, April 20, 2024

General line - 0115112241

විශ්වාසභංගය පැරදුනොත් ඇමති පුටුව අහිමිවන හැටි

ඩිල්ෂාන් මඩවල




අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ ගොනු කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් අමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙනවා. . 

කිසියම් පාර්ශවයක් විසින් අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදීමෙන් පසු එය න්‍යායපත්‍රයට ඇතුළත්කොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීමෙන් පසු ඡන්ද විමසීමක් පැවැත්වීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගොනු කර ඇත්තේ නියමිත අවස්ථාවේ මැතිවරණය පැවැත්වීමට අමාත්‍යවරයා දිගින් දිගටම අපොහොසත් වූයේයැයි යන පදනම මතයි. මෙම පදනම මත අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ ද පැවසුවා. කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ කවුරුන් විශ්වාසභංග ගෙන ආවද අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඒවායින් ජය ගනු ඇති බවයි.