Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ලකුණු 205ට සීමා වෙයි(UPDATE)

ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි්‍රකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205කට අද (24) සීමා වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 51ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57ක් රැස් කළා.

තරගය පැවැත්වෙන්නේ නාග්පූර් හිදියි.

--------------------------

දිමුත් කරුණාරත්න 2017 වසරේ ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කරයි (24-11-2017 09:18)

2017 වසරේ ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද (24) සමත් වුණා.

, සත්කාරක ඉන්දිය කණ්ඩායම සමග අද ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදියි.

සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම තේ පානය සහා තරගය නතර කරන විට කඩුලූ 4ක් දැවී ලකුණු 151ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 51ක් ලබා සිටියදියි.

2017 වසරේ ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ දෙවන පිතිකරුවා වන්නේ දිමුත් කරුණාරත්නයි.

ටෙස්ට් ලකුණු එක්දහස් අනූ හතක් රැස් කළ දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර් මෙම වසරේ වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණේ  සිටිනවා.

---------------------------------------------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (24-11-2017 09:18)

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ  දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. පළමුව පන්දුවට පහර දීමටයි ශ්‍රී ලංකා නායකයා තීරණය කර ඇත්තේ.

-----------------------------------------------------------

ඉන්දු ශ්‍රී ලංකා  දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

24-11-2017 06:35

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ  දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (24) ආරම්භ වනවා. නාග්පූර්හි විදර්භා ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

පළමු තරගයේ ධනාත්මක තැන් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් තරගයට පිවිසෙන බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවා. ඉන්දීය නායක විරාත් කෝලි කියා සිටියේ පළමු තරගයේ දී අහිමි වී ගිය ජයග‍්‍රහණයේ සතුට මෙම තරගයේදී දිනා ගැනීමට උත්සහ කරන බවයි.