Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති රනිල්ට හිටපු අගමැති කී බව කියන 'ගාන්ධිගේ' ෆේස්බුක් ගිණුමේ දැන් පෙනෙන දේ 




ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම වෙත වැරදි තොරතුරක් එකතු කර තිබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගේ ෆේස්බුක් ගිණුම වෙත ශ්‍රී ලාංකිකයන් පණිවිඩ කිහිපයක් තබා තිබෙනවා.

ඊයේ (23)දින මෙම හමුව ඔහු පළමුව ෆේස්බුක් වෙත එක්කර තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෙස බවයි ෆේස්බුක් සටහන උපුටා දක්වමින් බොහෝ දෙනා සඳහන් කර තිබුණේ.

කෙසේ නමුත් මේවනවිට එවැනි වැරදි තොරතුරක් රාහුල් ගාන්ධිගේ ෆේස්බුක් ගිණුමේ දක්නට නොමැති අතර එහි නිවැරදිව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෙස සටහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පැතිර යන ගාන්ධිගේ පෙර සටහන සහ පසු සටහන පහතින් දැක්වෙනවා.