Friday, March 29, 2024

General line - 0115112241

තරුණියකගේ නිරුවත බුකියේ පෙන්වූ තරුණයාට ගම්පහ උසාවියෙන් දුන් දඬුවම!




ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මිතුරු වී 19 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ චෝදනාවට සහ අසභ්‍ය රූප සහිත ජංගම දුරකථනයක්‌ ළඟ තබා ගැනීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කළ ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ එම සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළා.
 
අගතියට පත් තරුණියට රුපියල් 5000 ක වන්දියක්‌ සහ එක්‌ චෝදනාවකට රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩයක්‌ ද ගෙවීමට ඔහුට නියම කෙරුණා. එම දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස තවත් 06 ක සිර දඬුවම්ද නියම කෙරුණා.
 
පැමිණිලිකාරිය යක්‌කල සියනෑ උයන ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දඬුවම් නියම කෙරුණේ මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි ඡේ. පී. සනත් ප්‍රියංකර ජයලත් නමැති 23 හැවිරිදි තරුණයකුටය. මෙම වසරේ මැයි මස 25 වැනි දින හෝ ඊට ආසන්න දිනයක ඉහත චෝදනා සිදුකර තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. යක්‌කල පොලිස්‌ ස්‌ථානයේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස්‌ කොස්‌තාපල් වසන්ත නවරත්න (55562) නිලධාරියා පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.