Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සංගමයක් පිහිටුවයි




ක්‍රීඩාව වෙනුවෙන් කැපවී වාර්තාකරණයේ නියැලෙන ශ්‍රී ලංකාවේ සියළුම මාධ්‍ය ආයතනවල ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ නියෝජනයෙන් යුත් සංගමයක් ඊයේ (23) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පිහිටුවනු ලැබුවා.

 

ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ ආරාධනයෙන් මුලපිරුණු මෙම කර්තව්‍ය මෙ‍ෙහයවනු ලැබුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, සැලසිනේ ආයතනයේ සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරී ලහිරු සමරසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.

 

මෙහිදී පත්වූ නිලධාරී මණ්ඩලය පහත පරිදිය.

 

සභාපති             -          චම්පික ප්‍රනාන්දු (සන්ඩේ ටයිම්ස්)

 

ලේකම්             -          සිරිනාම රාජපක්ෂ (මව්බිම)

 

උපසභාපති       -          පාලිත සෙනරත් යාපා (ජාතික රූපවාහිනිය)

නෙවිල් ඇන්තනී (වීරකේසරි)

හසිත අකලංක (ස්වාධීන රූපවාහිනිය)

පැතුම් ශ්‍රී විජේරත්න (අද)

 

උප ‍ ලේකම්     -          සුරේෂි ගුණසේකර (ජාතික රූපවාහිනිය)

 

භාණ්ඩාගාරික   -          යොහාන් භාසූර (ලංකාදීප)

 

උපභාන්ඩාගාරික           -          නුවන් උදාර කරුණාරත්න

 

ජාතික සංවිධායක          -           කේ. රාම ක්‍රිෂ්ණන්( සිලෝන් ටුඩේ)

 

කැදවුම්කරු                  -           ලහිරු සමරසිංහ (ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය

 

නිලධාරී)

 

කාරක සභිකයින්           -           අසේල විතාන (දිවයින)

මංජුල බස්නායක (ස්වර්ණවාහිනිය)

සුනිල් අඹේගුණවර්ධන (රංගිරි)

ප්‍රසාද් සේනාධීර (රිදම්)

සීවලී එදිරිවීර (රිවිර)

කමල් සුජීව (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව)

සුමින්ද ජයසිරි (දෙරණ)

කසුන් කැලුම් (නෙත්)

චමිල කරවිට (ජනයුගය)

රිෂාඩ් මොහොමඩ් (පපරේ)

 

සංගමයේ සාමාජිකත්වය ලබාදීම, ව්‍යවස්ථාව සහ ඉදිරි කටයුතු ලබන 30 වැනිදා සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය කෙරුණා.