Friday, April 19, 2024

General line - 0115112241

ගිංතොට සිද්ධිය මැති සබයේ ප්‍රශ්න මතු කරයි

සමන්ත කුමාර




ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන් අද (24) ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.

මෙම නොසන්සුන්තාවයේදී සිදු වූ දේපළ හානි සටහන් කර ගැනීමට හෝ ඒවා තක්සේරු කර වන්දි ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව අදාළ දේපළ හානි තක්සේරු කර අගතියට පත්වූවන්ට වන්දි ලබාදෙන්නේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කෙරුණා. එලෙස වන්දි ලබාදෙන්නේ නම් ඒ සහා වන කාල රාමුව කුමක්ද යන්න එහිදී විමසන ලද දෙවන ප්‍රශ්නයයි.

ප්‍රශ්නගත නොසන්සුන්තාවයේ දී පොලිස් රාජකාරී නිසි ලෙස සිදු වී නොමැති බවට ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කර සිටියා.

එවැනි දුර්වලතාවකට හේතු වූ කරුණු මොනවාද යන්න ඔහු ආණ්ඩුවෙන් විමසා සිටි තවත් ප්‍රශ්නයක්.

මේ ආකාරයේ නොසන්සුන්තා යළි ඇති නොවීමට ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්ද යන්නද ඔහු විමසා සිටියා.

මීට ප්‍රතිචාර දක්වමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ නන ලද ප්‍රශ්නවලට ලබන සතියේදී පිළිතුරු ලබාදෙන බවයි.