Wednesday, April 24, 2024

General line - 0115112241

මත්පැන් සාදයක මනුෂ්‍ය ඝාතනයක් (VIDEO)

උපේන්ද්‍ර සේරසිංහ - කුලියාපිටිය




මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් කුලියාපිටිය කඹුරාපොළ ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.

කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තිස් දෙවන වියේ පසුවූ දෙදරු පියෙක්.

ඔහුගේ භාර්යාව මේ වනවිට තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටින බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මෙම මනුෂ්‍ය ඝාතනයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.