Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න උත්සාහ කරන අය ගැන ඇමති දුමින්ද කියපු කතාව (VIDEO)

හේරත් ඒකනායක - මහනුවර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව එම පක්ෂයෙ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් එක්වන ලෙස ආරාධනා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් නොවු බවත් එම පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙකු තරග වරදි ඉන් එක් අයෙකු පරාජය වු බවත් කියා සිටියා.

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ අද (24) පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මෙම අදහස් පල කළා.