Friday, April 26, 2024

General line - 0115112241

අඹතලේ නඩත්තුව කටයුතු නිසා පැය 18ක් ජලය කපයි




කොළඹ ප්‍රදේශ රැසකට හෙට (25)  දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

හෙට (25) පෙරවරු 08.00 සිට අනිද්දා (26) අළුයම 02.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනිමට සිදු වන බව එම මණ්ඩලය නිවේදනය කළා.

මේ අතර කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට අනිද්දා (26) සවස හයේ සිට පසුදින අලූයම 03 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටවෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ පන්නිපිටිය ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය අලූත්වැඩියාවක් සඳහා එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙන බවයි.

අපහසුතා මගහරවා ගැනීම සඳහා ජලය කල් ඇතිව රැස්කර තබා ගන්නැයි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා.

1939 ක්ෂණික ඇමතුම් අංකයෙන් වැඩි විස්තර දැනගත හැකියි.