Thursday, March 28, 2024

General line - 0115112241

හැමදාම හොදම දේ දුන්න අයිඩියා සමුහය (PHOTOS)




ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයක් මගින් පවත්වනු ලබන වසරේ විශිෂ්ටතම වෙළඳ සන්නාම ඇගයිමේ උලෙළ පසුගිය 21 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 16වන වරටත් පවත්වනු ලැබුවා.

එහිදී වසරේ  විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාම සඳහා ප්‍රමුඛ පෙලේ වෙළඳ සන්නාමයන් 6ක් නිර්දේශ වූ අතර අනෙකුත් වෙළඳ සන්නාමයන් සියල්ල අභිබවා අයිඩියා සමුහ ව්‍යාපාරයේ "සිවිලිම" සන්නාමය රන් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

 අයිඩියා සමුහ ව්‍යාපාරයේ විශිෂ්ටතම වෙළඳ සන්නාම 63 අතුරින් ශ්‍රී ලාංකික ජනතාව අතර වඩාත් ප්‍රචලිත "සිවිලිම" තවත් කඩඉමක් පසුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් පවත්වනු ලබන වසරේ විශිෂ්ටතම වෙළඳ සන්නාම ඇගයිමේ උලෙළ පසුගිය දිනක බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙම සම්මානය ලබාගනු ලැබුවේ අයිඩියා සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් මායාකඩුව විසින්. 

එම අවස්ථාවේ ඡායරූප පහතින්.