Thursday, March 28, 2024

General line - 0115112241

මහවිරු දිනය සැමරීමට සූදානමක් ගැන හෙළිදරව්වක්

දිනසේන රතුගමගේ - වවුනියාව




නොවැම්බර් 27 වෙනිදාට යාපනය විශ්ව විද්‍යාලය තුල එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීමට අවශ්‍ය පරිසරය මේ වන විට සකසා ඇති බව වාර්තා වනවා.

විශ්ව විද්‍යාලය අවට පෝස්ටර් හා බැනර් ද සැරසිලිද විශාල ප්‍රමාණයක් යොදා ඇති අතර පෝස්ටර් වලින් දන්වා ඇත්තේ මහ ඉහලින් මහවිරු දිනය සැමරීමට දෙමළ ජනතාව එක්වී සහයෝගය දෙන ලෙස ඉල්ලා ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

එල්.ටී.ටී.ඊ.සැමරුම් පොස්ටර් බැනර් සැරසිලි විශාල වශයෙන් යාපනය විශ්ව විද්‍යාලය තුලත් ඉන් පිටතත් ප්‍රදර්ශනය කොට ඇතත්  ආරක්ෂක අංශ මේ වනතුරු ඊට එරෙහිව කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.

එල්.ටී.ටී.ඊ.සංවිධානය තවමත් ශ්‍රී ලංකාව තුල තහනම් සංවිධානයක් බැවින් ඊට අනුබල දෙන අන්දමේ පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් හා නීති විරෝධි වුවත් පොලීසිය පවසන්නේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ හා නායකයින්ගේ නිල ඇදුම් සහිත බැනර් පෝස්ටර් කිසිවක් මෙතෙක් යාපනයේ දක්නට නොමැති බවයි.

එවැනි අවස්ථාවක් උදා වුවහොත් එසේ කරනු ලබන පිරිස් අත් අඩංගුවට ගන්නා බව පොලීසිය සඳහන් කළ බවත් අප වාර්තාකරු කියා සිටියා.